gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

භික්ෂූන් වහන්සේලාට එරෙහි මර්දනය සජිත් හෙළා දකී.. බුද්ධ ප්‍රතිමා වහන්සේට ආවරණය සැපයීම සඳහා තිබූ තාවකාලික අට්ටාලයත් කඩලා

මහනුවර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණ ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නිරත වෙමින් සිටින භික්ෂුන් වහන්සේලාට එරෙහිව ගෙන ඇති මර්දනකාරී ක්‍රියාමාර්ග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස හෙළා දැක තිබේ.

මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනය මගින් වැඩිදුරටත් කරුණු දක්වන සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ, උන්වහන්සේලා රැගෙන ආ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට ආවරණය සැපයීම සඳහා සකස් කර තිබූ තාවකාලික අට්ටාලය පවා කඩා දමා ඇති බවයි.

එම ස්ථානයේ වැඩසිටි භික්ෂුන් වහන්සේලාට පීඩාකාරී වන අයුරින් කටයුතු කරමින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙම අවාසනාවන්ත ක්‍රියාකලාපය හරහා මහා සංඝරත්නයට දැඩි හිංසා පීඩා සිදුව ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, වහාම මේ සඳහා මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

චීවරයට නිසි ගරුත්වය ලබා දෙමින්, අදාළ භික්ෂුන් වහන්සේලා සමඟ සාකච්ඡා කොට උන්වහන්සේලාගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් අදාළ නිවේදනයෙන් අවධාරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත්කළ නිවේදනය



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka