අපට ගොඩක් මිනිස්සු දැන් කුණු හරුපෙන් බනිනවා… අපි ඇහුණේ නෑ වගේ අපේ ප්රතිපත්ති ක්රියාත්මක කරනවා…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…
රටේ නීතිය තරාතිරම නොබලා සැමට එක ලෙස ක්රියාත්මක කිරීමට වත්මන් රජය සම්පූර්ණයෙන්ම බැඳී සිටින බව කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සමාජ මාධ්ය ඔස්සේ කොතෙක් අපහාස එල්ල වුවද, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේ වැඩපිළිවෙළ කිසිසේත් අත්නොහරින බවයි.
“අද බලන්න අපිට කොච්චර බනිනවද, කුණුහරුපෙන් කොච්චර අපහාස කරනවද, ෆේස්බුක්වල කොච්චර ගහනවද කියලා.
හැබැයි අපි ඒ කිසිවක් ඇහුණේ නෑ වගේ අපේ ප්රතිපත්තිමය වැඩකොටස කරගෙන යනවා. විවිධ යූටියුබ් නාලිකා හෝ පුද්ගලයන් කියන දේවල් පස්සේ දුවන්න අපිට වෙලාවක් නෑ. අපේ එකම අරමුණ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමයි.”
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් අනියම් හා ආදේශක පදනමින් සේවය කළ සේවකයන් පිරිසකට ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
-emanisa
අපට ගොඩක් මිනිස්සු දැන් කුණු හරුපෙන් බනිනවා… අපි ඇහුණේ නෑ වගේ අපේ ප්රතිපත්ති ක්රියාත්මක කරනවා…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…
2026-10-29T22:30:00+05:30
Gossip Lanka Hot News





