රටේ ජනතාව කබලෙන් ළිපට වැටිලා හූල්ලනවා…. ජනාධිපතිට පස්ස තියන්න අලුත් වාහන 1750ක් ඕනලු..!
වර්තමාන ආණ්ඩුවේ ඩෝබි හමුදාව දඩාවතේ යන ඩෝබිලා සහ දාර්ශනික ඩෝබිලා යනුවෙන් දෙකොටසක් සිටින බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසයි. දඩාවතේ යන ඩෝබිලා කුණු හරුප වැපිරීම හැර කිසිවක් නොකරන බවත් දාර්ශනික ඩෝබිලා ආණ්ඩුවේ කෙතරම් වැරදි තිබුණත් නිදහසින් පසු බිහි වූ නිර්ප්රභූ ආණ්ඩුව නිසා එය ආරක්ෂා කරන්නේ යැයි කියන බවත් ඔහු ප්රකාශ කරයි.
උද්ධමනය ඉහළ ගොස් රුපියල අවප්රමාණ වී ජීවන වියදම අහස උසට නැග ඇති බවත් පොදු ජනතාව මෙතරම් තලා පෙළා පීඩාවට පත්කරනුයේ නිර්ප්රභූ ආණ්ඩුවක් නම් එවැනි නිර්ප්රභූ ආණ්ඩුවක් රටට කුමටදැයි රාඝවන් ප්රශ්න කරයි.
ජනතාව මේ ආකාරයට පීඩාවට පත්ව ඇති පසුබිමක ජනාධිපතිවරයා තෙවරක්ම සිය පස්ස තබාගෙන යන වාහන කැඩී ඇති බැවින් නවීන වාහන 1750ක් අවශ්ය යැයි පවසා ඇතැයිද ඔහු චෝදනා කරයි. මෙම වාහන ගෙන ඒමේ එකම අරමුණ සිය පක්ෂයේ කාඩර්වරුන් ශක්තිමත් කිරීම බවද සුරේන් රාඝවන් අවධාරණය කරයි.
මාධ්ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
රටේ ජනතාව කබලෙන් ළිපට වැටිලා හූල්ලනවා…. ජනාධිපතිට පස්ස තියන්න අලුත් වාහන 1750ක් ඕනලු..!
2026-10-29T20:54:00+05:30
Gossip Lanka Hot News





