gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

භික්‍ෂූන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ වාඩි ලා ගනිති.. ඥාණසාර හිමි නිදහස් කරන තුරු අඛණ්ඩව...

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.

මහනුවර සිට දින හයක් පුරා පාගමනින් කොළඹට පැමිණි භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අභියසට රැස්වීමත් සමඟ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය විය.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කළේ, සාකච්ඡා හෝ මඟහැරීම්වලින් මෙතෙක් රටට කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත්නොවූ බවයි.

"අපි මෙතැන රැඳී සිටිනවා. මැරුවත් අපි මෙතැනින් නැගිටින්නේ නෑ. මේ මොහොතේ සිට සටන ආරම්භ කරනවා. මේ වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වුණත් අපි සූදානම්," යැයි උන්වහන්සේ දැඩි ස්වරයෙන් අවධාරණය කළහ.

මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ මාර්ග බාධක යොදවා ඇති අතර, එම පරිශ්‍රයේ දැඩි ආරක්ෂක මුර රැකවල් ක්‍රියාත්මක කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය අභියස රැඳී සිටින මහා සංඝරත්නය විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති පසුබිමක අදාළ ස්ථානයට පැමිණි ජනාධිපති ලේකම්වරයා, විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය හමුවී එම සංදේශය භාරගත්තේය.

අදාළ සංදේශය භාරගැනීමෙන් අනතුරුව, එහි අන්තර්ගත කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමඟ කඩිනමින් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් නැවත දැනුම්දීමට පැමිණෙන බව ප්‍රකාශ කරමින් ජනාධිපති ලේකම්වරයා එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා වේ.

අනතුරුව ජනාධිපති ලේකම්වරයා දන්වා එවා තිබුවේ ගැටළුවට ප‍්‍රතිචාර දැක්වීමට මාසයක කාලයක් ගත බව බවයි. ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා පැවසුවේ එම මාසයක කාලය ජනාධිපති කාර්යාලය ඉදිරියේ රැදී සිටින බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka