ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහ නාහිමිවරුන් ඉල්ලුවත් අධිකරණ නියෝගයට පිටින් වැඩ කරන්නෑ...
බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් රජය වෙත මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව අමාත්ය මණ්ඩල ප්රකාශක, සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අද (27) ප්රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සතිපතා මාධ්ය හමුව අමතමින් අමාත්යවරයා අවධාරණය කළේ, එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවද රජය ක්රියා කරන්නේ පවතින නීතියට අනුකූලව පමණක් බවත්, කිසිදු අයුරකින් අධිකරණ තීන්දුවක් අභිබවා කටයුතු කිරීමට රජය සූදානම් නොමැති බවත්ය.
මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් පිළිබඳව පැහැදිලි කළ අමාත්යවරයා, එම ලිපිය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පියවර ගත් බව සඳහන් කළේය.
ඒ අනුව, අනුනායක හිමිවරුන් ඇතුළු මහානායක හිමිවරුන්ගේ නියෝජිතයන් සහ අදාළ රාජ්ය නිලධාරීන් අතර පැවති සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ රෙගුලාසි සංශෝධනය කිරීමට එකඟතාව පළවූ බවද ඔහු කියා සිටියේය.
අධිකාරීන් ඉදිරියේදී කටයුතු කරනු ලබන්නේ එම සංශෝධිත ස්ථාවර නියෝගයන්ට අනුව බව පෙන්වා දුන් වෛද්ය නලින්ද ජයතිස්ස මහතා, මහානායක හිමිවරුන් මතු කළ ගැටලුවලට රජය මේ වන විටත් නිසි විසඳුම් ලබා දී ඇති බව පෙන්වා දුන්නේය.
නීතිය හමුවේ සෑම පුරවැසියෙකුම එක සමාන බවට වන මූලධර්මය මත රජය පෙනී සිටින බව යළිත් අවධාරණය කළ කැබිනට් ප්රකාශකවරයා, කිසිදු අවස්ථාවක අධිකරණ පද්ධතියට ඉහළින් සිටීමට හෝ අධිකරණය ලබාදුන් තීන්දුවක් ආපසු හැරවීමට රජය මැදිහත් නොවන බවද වැඩිදුරටත් කියා සිටියේය.
-lankacnews
ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහ නාහිමිවරුන් ඉල්ලුවත් අධිකරණ නියෝගයට පිටින් වැඩ කරන්නෑ...
2026-10-27T20:34:00+05:30
Gossip Lanka Hot News





