gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පරණ වාහන කබල්වල යන්න බෑ, කැඩෙනවා… නවීන කැබ් 1750 ඉක්මනටම ගන්නවා…! – ජනපති

තෙල් අර්බුදය නිසා ඩොලරයට එල්ල වී ඇති පීඩනය හමුවේ නවීන කැබ් රථ 1750ක් මිලදී ගැනීම කෙටි කලකට ප්‍රමාද කිරීමට සිදුවුවද ඉතා ඉක්මනින්ම ඒවා මිලදී ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ඊළඟට විශේෂයෙන් මතුවෙලා තියෙන්නෙ වාහන ගැටලුව. වාහන ගැටලුවට අපි කැබ් රථ 1750ක් මිලදී ගන්න යනකොට අපේ මුදල් අමාත්‍යංශයෙන් කැඳෙව්වා හැම දෙපාර්තමේන්තුවකටම තමන්ගේ අවශ්‍යතාව කියන්න කියලා.

අපි හැම අමාත්‍යාංශයකටම දැනුම් දුන්නා ඕගොල්ලොන්ගෙ අවශ්‍යතාව – උපරිමය නෙවෙයි, අවම වශයෙන් සේවාවන් පවත්වාගෙන යාම සඳහා කොච්චර වාහන ප්‍රමාණයක් අවශ්‍යද, ඒ ප්‍රමාණය අපට එවන්න කියලා. මොකද අපි දන්නවා, පරණ වාහන, යන්න බෑ, කැඩෙනවා. මේ රාජ්‍ය සේවය වගේම අබලන් අපේ වාහනත්. ඒ වගේම අබලන් අපේ කොම්පියුටර්. මෙහෙම කරන්න බෑ. මෙහෙම රාජ්‍ය සේවයකට යන්න බෑ.

ඒ නිසා හොඳ වාහන අපි 1750ක් ගන්න තීරණය කළා. එකක්, අපිට මේ වෙලාවේ තෙල් අර්බුදයත් එක්ක ඩොලරයට ආපු තෙරපුම තවත් වැඩිකරගන්න ඕනෙ නෑ කියලා ඒක අපි පොඩ්ඩක් නතර කළා ටික කාලයකට. නමුත් අපි ඉතා ඉක්මනින් ඒ වාහන 1750 ගත්තාම ඔබගේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වාහන ප්‍රමාණය මං හිතන්නෙ ඉල්ලලා ඇති, ඒ වාහන ප්‍රමාණය අපිට දෙන්න පුළුවන්.”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (23) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100 වෙනි වාර්ෂික සම්මේලනය අමතමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka