gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

18 පිරුණු සැමට TIN අනිවාර්යයි : නැත්නම් නොවැම්බර් 01 සිට බැංකු ගිණුමක්වත් හදන්න දෙන්නේ නෑ...

ශ්‍රී ලංකාවේ බදු පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අරමුණින්, බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (Tax Identification Number – TIN) ලබා ගැනීම මේ වන විට රට තුළ වෙසෙන සියලුම පුරවැසියන්ට අනිවාර්ය කර තිබේ.

මේ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත.

TIN සහතිකය ලබා ගත යුත්තේ කවුරුන්ද?
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව පහත සඳහන් පුද්ගලයින් අනිවාර්යයෙන්ම TIN අංකයක් ලබා ගත යුතුය:

2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් සම්පූර්ණ වූ හෝ ඊට වැඩි සියලුම වාසික පුද්ගලයින්.

2024 ජනවාරි 01 දින හෝ එදිනෙන් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් පසුව).

මෙම නීතිමය ප්‍රතිපාදනය 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (සංශෝධිත) 102(3) වන වගන්තිය ප්‍රකාරව, 2023 මැයි 31 දිනැති අංක 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් බලාත්මක කර ඇත.

2026 නොවැම්බර් 01 සිට TIN අංකය අනිවාර්ය වන අවස්ථා
2026 නොවැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එදිනෙදා ජීවිතයේදී හා ව්‍යාපාරික කටයුතුවලදී අත්‍යවශ්‍ය වන පහත සඳහන් සේවාවන් ලබා ගැනීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ:

බැංකු කටයුතු: යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක අලුතින් ගිණුමක් විවෘත කිරීම.

ණය කාඩ්පත්: අලුතින් ණය කාඩ්පතක් (Credit Card) ලබා ගැනීම.

ව්‍යාපාර හා සමාගම්: නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම.

දේපළ හා ඉඩම්: ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම සහ ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම.

වාහන: මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් වාහන බලපත්‍රය (ආදායම් බලපත්‍රය) අලුත් කිරීම.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස්
ඉහත සඳහන් කළ යම් කාර්යයක නිරත වීමට අදහස් කරන සියලුම පුද්ගලයින් තවමත් TIN අංකයක් ලබාගෙන නොමැති නම්, ප්‍රමාද නොවී එම අංකය ලබා ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇති ඊ-සේවාව (e-Services) හරහා ඉතා පහසුවෙන් මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම් කළ හැක.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka