gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලොන්නරුව වකුගඩු රෝහලේ විශාල පිපිරීමක්... හතකට තුවාල.. තිදෙනෙකුට බරපතළයි.. (Photos)

පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද (26) අලුයම සිදුවූ ගෑස් පිපිරීමකින් එහි කාර්ය මණ්ඩල සේවකයින් හත් දෙනෙකු (07) බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ සේවකයින් කඩිනමින් පොලොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතුරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද අලුයම 4.00 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර, අනතුර හේතුවෙන් රෝහලේ මුළුතැන්ගෙය ඇතුළු ගොඩනැඟිල්ලට දැඩි අලාභහානි සිදුව ඇත.

කෙසේවෙතත්, අනතුර සිදුවූ අවස්ථාවේදී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට හෝ වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදුව නොමැත.

රෝගීන්ගේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් කඩිනමින් වෙනත් ආරක්ෂිත වාට්ටු වෙත මෙන්ම පොලොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය සහ පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.





gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka