ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට යවයි
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු කථානායක කාර්යාලය වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.
පසුගිය සිකුරාදා දින කථානායක කාර්යාලය වෙත යොමු කරන ලද මෙම නඩු තීන්දුව, එළඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට මේ වන විටත් කටයුතු යොදා ඇත.
මේ පුවත තව අයට බලන්න
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට යවයි
2026-09-21T12:56:00+05:30
Gossip Lanka Hot News






