gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නි.ඇ. වටගල වැට පනියි! කවුරු කෑගැහුවත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියයි!

ගමේ ජනතාවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, මහජන මුදල් ගසාකෑ පුද්ගලයින්ට එරෙහි අධිකරණ කටයුතු කඩිනම් කිරීම ජනතාවටද අවශ්‍ය වී ඇති බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

පසුගිය (19) පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“නීති නැත්නම් අපි නීති හදනවා. ඕගොල්ලන්ට පේනවා ගමේ මිනිස්සුන්ට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසි ගැටලුවක් නැති බව. ඒගොල්ලන්ට තේරිලා තියෙනවා මහජන මුදල් අමුඅමුවේ ගසාකාපු ඒ අයට අධිකරණ කටයුතු කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. කවුරු කෑ ගැහුවත් අපි ජනතාවගේ ජනවරම අනුව පාර්ලිමේන්තුව ඇතුළෙ මේක සම්මත කරගන්නවා.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka