gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මෙත් මල් පිබිදෙන දිනය අදයි – ශිරන්ති මැඩම් අද FCID එයිද?

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති තීරණාත්මක දිනය අදට (2026 සැප්තැම්බර් 24) යෙදී තිබෙනවා.

​නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව නිසා ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමක, වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද උදෑසන සැබැවින්ම FCID එක හමුවේ පෙනී සිටියිද යන්න පිළිබඳව මුළු රටේම දේශපාලන අවධානය යොමුවී අවසන්.

​FCID එකට කැඳවීමට හේතු වූ "සිරිලිය සවිය" ගනුදෙනුව

​විමර්ශනයට පාදක වූ කරුණු: ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ "සිරිලිය සවිය" සංවිධානයේ සැකකටයුතු මූල්‍ය ගනුදෙනු සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු වටිනා වෛද්‍ය උපකරණ සම්බන්ධ පැරණි විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

​කටුනායකදීම අතටම දුන් සිතාසිය

සැප්තැම්බර් 16 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී නිලධාරීන් විසින් මෙම නිල ලිපිය සෘජුවම ඇය අතටම භාර දී තිබුණි.

​ලංකාවට එනවා කිව්ව දිනය පැනලා

සැප්තැම්බර් 19 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණද, ඇය තවමත් දිවයිනට පැමිණ නැති බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග තහවුරු කර තිබීම හේතුවෙන් අද දිනයේ ඇයගේ පැමිණීම දැඩි කුතුහලයක් මතු කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka