සිංගප්පූරු ගිය ශිරන්ති ආගිය අතක් නෑ... FCID මග බලාගෙන හිදී!
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බව පවසමින් පසුගිය 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුව වන විටත් යළි මෙරටට පැමිණ නොමැති බව ආරංචි මාර්ග පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (24) පෙනී සිටින ලෙස ඇය වෙත මීට පෙර ලිඛිතව දැනුම් දී තිබිණි.
විදෙස්ගත වීම සඳහා පසුගිය 16 වැනි දින ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් එම ලිපිය භාරදී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව පසුගිය ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බව ප්‍රකාශ කරමින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, අදාළ දැනුම්දීම අනුව විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටීම සඳහා ඇය අද දිනයේ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළද, පස්වරුව වනතුරුත් ඇය දිවයිනට පැමිණ නොසිටි බව වාර්තා වේ.
පොලිසිය සදහන් කරන්නේ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රැඳී සිටින බැවින් ඉදිරි දිනයක් ලබාදෙන ලෙස ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බවය.
මේ පුවත තව අයට බලන්න
සිංගප්පූරු ගිය ශිරන්ති ආගිය අතක් නෑ... FCID මග බලාගෙන හිදී!
2026-09-24T20:11:00+05:30
Gossip Lanka Hot News






