22ට එරෙහිව පොල්දූවෙන් ඇරඹි උද්ඝෝෂණය අස්සේ පාර්ලිමේන්තු ආපනශාලාවේ දැඩි තදබදයක් – නායකයින්ගේ හිතවතුන්ට පමණක් පාර්ලිමේන්තුවෙන් කෑම!
22 වන සංශෝධනයට එරෙහිව අද (24) උදෑසන පොල්දූව මංසන්දියෙන් ආරම්භ වූ උද්ඝෝෂණය දහවල් වන තෙක්ම පැවැත්විණි.
ඊට හේතුවී ඇත්තේ සමගි ජන බලවේගයේ සමහර කණ්ඩායම් විසින් උද්ඝෝෂණයට පැමිණි පිරිස් අතුරින් තෝරාගත් අතලොස්සක පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට කැඳවාගෙනගොස් ආහාර පාන ලබාදීමට කටයුතු කිරීම නිසාය. එලෙස රැගෙනගොස් ඇත්තේ තමන්ට ඉතාම සමීප හිතවත් පිරිසක් බවද පැවසේ.
උද්ඝෝෂණයට පැමිණි බහුතරයක් ජනතාව වර්ෂාවට තෙමෙමින්, ආහාර පවා නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව සිටියදී, නායකයින්ට හිතවත් පිරිස් පමණක් මෙලෙස පාර්ලිමේන්තු ආපනශාලාව වෙත රැගෙනගොස් සලකා තිබීම ගැන උද්ඝෝෂකයින් අතරම කතාබහට ලකිවෙමින් තිබෙන බවද වාර්තා වේ.
- lankatruth
මේ පුවත තව අයට බලන්න
22ට එරෙහිව පොල්දූවෙන් ඇරඹි උද්ඝෝෂණය අස්සේ පාර්ලිමේන්තු ආපනශාලාවේ දැඩි තදබදයක් – නායකයින්ගේ හිතවතුන්ට පමණක් පාර්ලිමේන්තුවෙන් කෑම!
2026-09-24T20:17:00+05:30
Gossip Lanka Hot News






