කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ කරවන්න හැදූ පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!
පාරිභෝගිකයින් නොමඟ යවමින් කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ හදිසි පරීක්ෂාවකදී, කල් ඉකුත් වීමේ දිනය සඳහන්ව තිබූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබියදී අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම නඩුව පවරා ඇත.
ඊයේ (09) දින නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට සිය වරද පිළිගැනීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම දඩ මුදල නියම කර තිබේ.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි කල් ඉකුත් වීමේ දිනය නිසි ලෙස පරීක්ෂා කර බැලීම පාරිභෝගිකයින්ගේ වගකීමක් වන අතර, නීතිවිරෝධී ලෙස කල් ඉකුත් වූ ආහාර අලෙවි කරන ආයතන පිළිබඳව 1977 ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
මේ පුවත තව අයට බලන්න
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ කරවන්න හැදූ පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!
2026-09-11T10:28:00+05:30
Gossip Lanka Hot News






