gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල්ට චෝදනා ගොනු කරන්නේ දැයි දන්වා නැති අවස්ථාවක ඇප දෙන්න බෑ කියා යලි රිමාන්ඩ්!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ රුපියල් මිලියන 100 ක් අල්ලස් මුදලක් ලබා ගත් බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එහි සිව්වන  සැකකරු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රීනාමල් රාජපක්ෂ යන අය තවදුරටත් 30 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (23) නියෝග කළේය.
ඇප ඉල්ලීමට අදාල නියෝගය ප්‍රකාශනයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙම නඩුවේ කරුණු සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවේ කරුණු ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ යුතුද, දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස් කොමිසමේ ධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ගොනුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළේය 

2016.8.23 දින හිටපු ලේකම්වරයකු වෙන රවින්ද්‍ර සේවාවිතාරණ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

මෙම සිද්ධියේ පළමු සැකකරුවන කපිල චන්ද්‍රසේන යන සැකකරු මේ වනවිට මියගොස් තිබෙනවා දෙවන සැකකාරිය ඇප මත සිටින අතර ඇය මේ වන විට අධිකරණයට ඉදිරිපත් නොවීම මත විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

එසේම තෙවන සැකකරුත් අධිකරණයට ඉදිරිපත් නොවීම සැඟවී සිටීම මත  ඔහුටත් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. මෙහි සැකකරු 2026.09.16 දින අධිකරණෙට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි. එදින ඇප ඉල්ලීමක් සිදුකළද එදින ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවට අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමකට අදාළව අල්ලස් කොමිසම විසින් සැකකරුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යන බවත් එම නඩුවේද සැකකරු සිව්වන සැකකරු බවටත් අධිකරණයට දැනුම්දී තිබේ. 


එසේම අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් නඩුව පවත්වාගෙන යන බවත් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නඩුව පවත්වාගෙන යන බවටත් දන්වා ඇත. කරුණක් වෙනුවෙන් කොටස් දෙකකින් යුක්ත විමර්ශන සිදු කරන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට බලයක් නොතිබූ බැවින් වන අතර ඒ අනුව අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම විමර්ශන ගොනු දෙකක් පවත්වාගෙන යනු ලබයි. 

එහෙත් දූෂණ විරෝධී පනතේ 61 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විමර්ශනයක් කිරීමට බලතල ඇති බවට පැමිල්ල කරුණු දක්වා ඇත. මෙම විමර්ශනය හවුල් විමර්ශනයක් ලෙසත් ලබාගන්නා තොරතුරු අනෙක් පාර්ශවයන්ට භාවිතා කළ හැකි බවටත් පනතේ දක්වා ඇත. එහෙත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සහතිකයක් ගොනුකරයක් ද යන්න සම්බන්ධයෙන් මෙහි දක්වා නැත. එසේම නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරන්නේ ද යන්න සම්බන්ධයෙන්ද කරුණු වාර්තා කර නැත. එවැනි අවස්ථාවක ඇප ලද ලබාදීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලිය නොහැක. අවශ්‍යනම් මේ නඩුකරයද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කිරීමේ හැකියාව ඇත. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka