නිමල් පෙරේරා අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂය ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්ෂි ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක ව්‍යාපාරික නිමල් පෙරේරා ද අත්අඩංගුවට ගත යුතු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
“අල්ලස් දීම ද වරදක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනගත යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ සිදුවූ වංචා කිහිපයකටම සම්බන්ධ වීමෙන් පසු නිමල් පෙරේරා රටින් පළාගොස් ඇති බවට චාමර සම්පත් දසනායක චෝදනා කළේය.
එමෙන්ම, නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හේතුවෙන් අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය අතිශයින්ම සාර්ථක වනු ඇති බවද ඔහු පැවසීය.
“ආණ්ඩුව ඇත්තටම කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උදව් කිරීමක්. අපිට ඒ රැලියට කතාකළේ නැහැ, නමුත් විපක්ෂයේ සියලු දෙනාටම ඊට සහභාගී වන ලෙස අපි උපදෙස් දෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
නිමල් පෙරේරා අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂය ඉල්ලයි
2026-09-09T17:03:00+05:30
Gossip Lanka Hot News






