බැඳුම්කර නඩුවට නියෝගයක්.. අර්ජුන මහේන්ද්‍රන්ට මොකද වෙන්නේ?
මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් 2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව නොවැම්බර් මස (02) වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළිත් කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (09) නියම කළේය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැඳවනු ලැබීය.
නඩුව කැඳවු අවස්තාවේදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා 23ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.
මේ පුවත තව අයට බලන්න
බැඳුම්කර නඩුවට නියෝගයක්.. අර්ජුන මහේන්ද්‍රන්ට මොකද වෙන්නේ?
2026-09-10T08:00:00+05:30
Gossip Lanka Hot News





