gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුර රැලියට වඩා විශාල තවත් රැලියක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ පැවැත්වු රැලියට නොදෙවනි තවත් රැලියක් පැවැත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිරගත කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ දෙන්නේ නැති බවද මන්ත්‍රී ඩී.වී චානක සඳහන් කරයි.

මන්ත්‍රී ඩී.වී චානක පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපේ ශාඛා සමිති සංවිධානය කිරීමේ ප්‍රගතිය බලාගන්න, ඒ වගේම කොට්ඨාශ රැස්වීම් මාලාවත්, ඒ වගේම අනුරාධපුර රැලියට නොදෙවනි රැලියක් ආණ්ඩුවේ මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න කියලා බල කරන රැලිය පැවැත්වීම සඳහා අපි සාකච්ඡා අද දිනයේ කරා.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ නායකතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුවේ උවමනාව වෙනුවෙන් සිරගත කරන වෙලාවේ අපි පක්ෂය, විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මැතිතුමා රටට වෙච්ච පොරොන්දු වෙනුවෙන්, ඒ වගේම මේ ආණ්ඩුවේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න කියලා අපි පක්ෂයේ සියලුම දෙනා අද කැඳවලා තියෙනවා.

අපේ ඉන්න ආසන සංවිධායකතුමන්ලා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා, ඒ වගේම අපි ආණ්ඩුවට කියන්න කැමතියි නාමල් රාජපක්ෂ මැතිතුමා සිරගත කරලා හිතනවා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න, ඒ වගේම රටේ ජනතාවට දීපු පොරොන්දු වලින් පැනලා යන්න ඒකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩ දෙන්නේ නෑ.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka