ගෝඨාගෝගම අමානුෂික ප්‍රහාරය... ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු 31කට වැඩ වරදී!
2022 වසරේ ගාලු මුවදොර “ගෝඨාගෝගම” විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 31 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ. ඇසින් දුටු සාක්ෂි, පරිවේශනීය සාක්ෂි සහ ප්‍රහාරය සිදුවූ ස්ථානයේ වීඩියෝ දර්ශන පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ මත පදනම්ව සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇත.
එම සැකකරුවන් 34 දෙනා අතරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරී වන ඩෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායක වසන්ත හඳපාන්ගොඩ යන තිදෙනා මේ වනවිට මියගොස් ඇති බැවින් ඉතිරි සැකකරුවන් 31 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කිරීමට නියමිතය.
ඒ අනුව එම සැකකරුවන් 31 දෙනාට එරෙහිව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 327ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට නියමිතය.
එම සැකකරුවන් අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අමල් පුෂ්පකුමාර ද සිල්වා, කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම යන අය ඇතුළත් වන බව වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
ගෝඨාගෝගම අමානුෂික ප්‍රහාරය... ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු 31කට වැඩ වරදී!
2026-09-28T06:55:00+05:30
Gossip Lanka Hot News





