ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 6ක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ට අයත් දේපළ හා අනෙකුත් වත්කම් පැහැර හැරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වගන්තිය යටතේ මෙම නියෝග නිකුත් කර ඇති අතර, පසුව කොළඹ මහාධිකරණය විසින් එම නියෝග තහවුරු කරමින් දීර්ඝ කර ඇති බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
1. Kasagala Green Plantation (Private) Limited
2. Ceylon Green Life Plantation (Private) Limited
3. Singhe Capital Investment Limited
4. Pro Shop Advertising Holdings (Private) Limited,
5. Athens International Education Centre (Private) Limited සහ
6. Eyon Lanka Investment & Film Production International Company (Private) Limited
යන සමාගම් සඳහා මෙම තහනම් නියෝගය පනවා තිබෙනවා.
බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා ඇති, නැතහොත් එකී නීතිවලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනවලට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට අවසර ඇති බැවින්, නීත්‍යනුකූලව බලය ලත් ආයතනවල පමණක් මුදල් තැන්පත් කරන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.
මේ පුවත තව අයට බලන්න
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
2026-09-23T07:46:00+05:30
Gossip Lanka Hot News







