"තිලීපන්ගේ පිළිමය ඉවත් කිරීම ගැන සිංහල ජාතිවාදී රජයට මගේ පිළිකුල පළ කරනවා" - දකුණු ඉන්දීය ප්‍රවීණ නලු සත්‍යරාජ් ලයිව් ඇවිත් කියයි
‘බාහුබලි’ චිත්‍රපට මාලාවේ 'කට්ටප්පා' චරිතය හරහා ලොව පුරා ජනප්‍රිය වූ ප්‍රවීණ දකුණු ඉන්දීය නළු සත්‍යරාජ්, ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ තීරණයකට සිය විරෝධය පළ කර තිබෙනවා. යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමාව ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සත්‍යරාජ් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළ කර ඇති බව වාර්තා වනවා.
ඔහු පවසා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය දෙමළ ජනතාවගේ හැඟීම්වලට දැඩි බලපෑමක් ඇති කරන ක්‍රියාවක් බවයි.
තිලීපන්ගේ මතකය වෙනුවෙන් නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ එම ප්‍රතිමාව සැප්තැම්බර් 27 වැනිදා අලුයම පොලීසිය විසින් ඉවත් කරගෙන ගොස් තිබුණි.
සත්‍යරාජ් මීට පෙරද දෙමළ ජනතාව සම්බන්ධ කරුණු පිළිබඳව සිය අදහස් ප්‍රසිද්ධියේ පළ කර ඇති නළුවෙකු වනවා.
මේ පුවත තව අයට බලන්න
"තිලීපන්ගේ පිළිමය ඉවත් කිරීම ගැන සිංහල ජාතිවාදී රජයට මගේ පිළිකුල පළ කරනවා" - දකුණු ඉන්දීය ප්‍රවීණ නලු සත්‍යරාජ් ලයිව් ඇවිත් කියයි
2026-09-30T11:45:00+05:30
Gossip Lanka Hot News





