එයාර් බස් ගනුදෙනුවේ සැකකාරියගේ ඇප රාජසන්තකයි - අරවින්ද ද සිල්වා සහ බිරිඳට රු. මිලියන 40ක් ගෙවීමට නියෝග!
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළ සැකකාරියක වන හිටපු ශ්‍රීලන්කන් ගුවන් සේවා ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කර තිබෙනවා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි වීරනායක යන දෙදෙනා එම සැකකාරිය වෙනුවෙන් රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප තබා තිබුණා.
අද අධිකරණයේ පෙනී සිටි ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, එක් ඇප මුදලක් වන රුපියල් මිලියන 20 අද අධිකරණයට ගෙවන බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අද රුපියල් මිලියන 20ක් ගෙවන ලෙසත්, ඉතිරි රුපියල් මිලියන 20 ඔක්තෝබර් 17 වැනිදා ගෙවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අදාළ සැකකාරිය අධිකරණය මගහැරීම හේතුවෙන් ඇයට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඇපකරුවන් වූ අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳද අද විවෘත අධිකරණයේ පෙනී සිටියා.
මේ පුවත තව අයට බලන්න
එයාර් බස් ගනුදෙනුවේ සැකකාරියගේ ඇප රාජසන්තකයි - අරවින්ද ද සිල්වා සහ බිරිඳට රු. මිලියන 40ක් ගෙවීමට නියෝග!
2026-09-30T13:58:00+05:30
Gossip Lanka Hot News





