gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශෂී වීරවංශට දඬුවම් නියම කරන්න තීන්දු කරයි

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩ නියම වූ ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති මහත්මියට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන ඔක්තෝබර් මස 12 වන දින දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා (28) නියෝග කළේය.

මෙම නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 මැයි මස 27 වන දින ලබාදුන් දඬුවම් නියෝගය නිවැරදි බවට තීන්දු කරමින්, කොළඹ මහාධිකරණය මඟින් ස්ථිර කර එවන ලද තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ දඬුවමට එරෙහිව සිය සේවාදායිකාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එම පෙත්සම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත්ය.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩු කටයුත්තට අදාළ කාර්ය සටහන් වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළේ, ඉදිරි නඩු දිනයේදී එම ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව යළි කැඳවීම සඳහා ලබන ඔක්තෝබර් මස 12 වන දිනට නියම කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka