gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තවත් හොර වැඩක් මාට්ටු.. රහසිගත ගිණුමකට මුදල්... ගෝඨාට වැඩ වරදී!

ආන්දෝලනාත්මක මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා ඇත.

අදාළ මිග් යානා ගනුදෙනුව සිදුවූ කාලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙලෙස කැඳවීමක් සිදුකර ඇත.

2006 වසරේ යුක්‍රේනයෙන් මිග් – 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ගණුදෙනුවක් සිදුවු අතර එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

එම සමයේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන් ප්‍රකාශ කළේ, මෙය යුක්‍රේන රජයට අයත් යුක්‍රේන් මාෂ් ආයතනය සමග ආණ්ඩුවෙන් ආණ්ඩුවට කෙරුණු ගණුදෙනුවක් බවයි.

පසුව අනාවරණය වු පරිදි ශ්‍රී ලංකා රජය මෙම ගණුදෙනුව සඳහා ගෙවන ලද මුදලින් ඩොලර් මිලියන ගණනක් අතරමැදි ආයතනයක් හරහා වෙනත් රටවලට යොමුකර ඇත.

යුක්‍රේන රජයේ ආයතනය ලැබී ඇත්තේ නියමිත මුදලින් කොටසක් පමණ වන අතර ඉතිරි ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව මුල්‍ය අපරාධ පරීක්ෂණ අංශය පසුව අධිකරණයට වාර්තා කළේය.

තවද සිදුකරන ලද වසර තුනක පරීක්ෂණ වලින් හෙළිවු කරුණු අනුව 2006 වසරේ ජුලි (26) වැනිදා ඇතිකර ගත් ගිවිසුම ව්‍යාජ එකක් බව හෙළිවී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගණුදෙනුවට අදාළව එම සමාගමට මුදල් ගෙවා ඇත.

එහෙත් එම සමාගමේ ලන්ඩනයේ ඇත්තේ, ලිපිනයක්, පුටුවක් සහ මේසයක් පමණක් බව වාර්තා වු අතර පසුව එම සමාගම බ්‍රිතාන්‍යයේ වර්ජින් අයිලන්සි රහසිගත ගිණුමකට මෙම මුදල් බැරකර ඇති බවයි.

මේ අතර එම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ඊයේ (10) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka