gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක්.. වසරක් පාසා ලියාපදිංචි කල යුතුයි...

ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීම, සුනඛ ගහනය විධිමත්ව පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් සකස් කරන ලද ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ’ නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් මෙතෙක් ක්‍රියාත්මක වූ ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කර, වඩාත් කාලෝචිත සහ දැඩි නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

වයස සති හයකට වැඩි සෑම සුනඛයෙකු සඳහාම වාර්ෂිකව ජලභීතිකා මර්දන එන්නත ලබාදීම සහ අදාළ පළාත් පාලන ආයතනය වෙත නියමිත ගාස්තුවක් ගෙවා වාර්ෂිකව ලියාපදිංචි කිරීම අයිතිකරු හෝ භාරකරු විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.

සුනඛයන් එන්නත් කිරීම රජයේ හෝ ලියාපදිංචි පශු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු අතර, ඒ සඳහා නිල සහතිකයක් නිකුත් කෙරේ. එම එන්නත් සහතිකය ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනය මගින් ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබයි.

බලයලත් නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින අවස්ථාවක එන්නත් සහ ලියාපදිංචි සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වන හිමිකරුවන්ට ඒ සඳහා දින 14ක සහන කාලයක් හිමිවන අතර, එම කාලය තුළද ලියාපදිංචි නොවන්නේ නම් නියමිත ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. අනතුරුව අදාළ පළාත් පාලන ආයතනය විසින් එම සතා එන්නත් කර ලියාපදිංචි කිරීමට පියවර ගනු ඇත.

පොදු ස්ථානවල සුනඛයන් අතහැර දමා යන පුද්ගලයන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක පවත්වන ලඝු නඩු විභාගයකින් පසු රුපියල් 10,000ක් නොඉක්මවන දඩයක් හෝ මාස 3ක් දක්වා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට විධිවිධාන සලසා ඇත.

පළාත් පාලන ආයතනයකින් ලබාගන්නා නිල බලපත්‍රයකින් තොරව සුනඛ පැටවුන් අලෙවි කිරීමේ අරමුණින් අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, බලපත්‍රලාභී මධ්‍යස්ථානවල සතුන්ට ප්‍රමාණවත් ඉඩකඩ, ආහාර, ජලය සහ සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සැලසීම අනිවාර්ය වේ.

අයාලේ යන සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම හෝ පුමංගහරණය කිරීම පළාත් පාලන ආයතන මගින් පශු වෛද්‍යවරුන් ලවා සිදු කළ යුතු අතර, සුනඛයෙකු විසින් සිදු කරනු ලබන ආක්‍රමණ හෝ තුවාල කිරීම් සම්බන්ධයෙන් එහි අයිතිකරු සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

මීට අමතරව, විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරනු ලබන සියලුම සුනඛයන් දින 30ක අවම කාලසීමාවකට යටත්ව නිරෝධායනයට ලක්කිරීමද මෙම පනත් කෙටුම්පත මගින් අනිවාර්ය කර තිබේ.


Dog Registration to Become Mandatory with Annual Fees Under New Bill
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka