gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොස්පේට් මගඩියකට චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ලංකා පොස්පේට් සමාගම හරහා නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 8.1 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අයෙකි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) පස්වරු 4.55 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

නියමිත රජයේ ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර, තෝරාගත් සමාගම් තුනකට පමණක් ලංකා පොස්පේට් සමාගම හරහා පොස්පේට් අපනයනය කිරීමට කටයුතු යෙදීම සහ අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට එම සමාගම්වලට සහාය වීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී ඇත.

එම පහසුකම් සැලසීම වෙනුවෙන් සැකකරු අදාළ සමාගම්වලින් රුපියල් මිලියන 8.1 ක මුදලක් ඉල්ලා ලබාගෙන ඇති බවට චෝදනා නැඟී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka