gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුර දිස්ත්‍රික් රැලියට විමල් වීරවංශ මහත්තයාට උදය ගම්මන්පිලලට ආරාධනා කරලා තිබ්බා අපිට ආරාධනා කරේ නෑ - චාමර සම්පත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කර ඇති දැවැන්ත ජන රැළියට තමන් ඇතුළු පිරිසට ආරාධනා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්
දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට එම රැලිය සඳහා ආරාධනා කර තිබුණද, තමන්ට ඒ සඳහා කැඳවීමක් නොලැබුණු බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

නමුත්, ආරාධනා නොලැබුණද විපක්ෂයේ සියලු දෙනාට සහ ජනතාවට එම ජන රැළියට සහභාගී වන ලෙස තමන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව පොහොට්ටුවටඋදව් කරනවා නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුව සැබවින්ම සිදු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උදව් කිරීමක් බවත්
මෙම සිදුවීම නිසා අනුරාධපුර රැළිය අතිශයින්ම සාර්ථක වන බවත් ඔහු සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්ෂි ඉදිරිපත් කළ ව්‍යාපාරික නිමල් පෙරේරාද අත්අඩංගුවට ගත යුතු බවත්, අල්ලස් දීමද වරදක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මතක තබා ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka