gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයක් එයි.. ප‍්‍රබල තානාපති තහවුරු කරයි..

පළාත් සභා මැතිවරණය කඩින් කඩ පැවැත්වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින්, උතුරු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ මුලින්ම පවත්වා සෙසු පළාත් සභා මැතිවරණ ඉන් අනතුරුව පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත් තුළ පවතින දේශපාලන වාතාවරණය රජයට යම් වාසි සහගත තත්ත්වයක පැවතීම මෙම යෝජනාව ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

එමෙන්ම, පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවෙන් එල්ල වන බලපෑමට සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලෙස ද මෙම පියවර ගත හැකි බවට පාර්ශ්ව රැසක් රජයට පෙන්වා දී ඇත.

රජය මෙවැනි සූදානමක පසුවන බව කොළඹ පිහිටි ප්‍රධාන විදෙස් තානාපති කාර්යාලයක නිලධාරියකු විසින් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයකු හමුවේ ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර ඇත.

අදාළ යෝජනාවට අනුව උතුරු සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට හැකියාව පවතින බව ද වාර්තා වේ.

තවද, උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් රජය වෙත නම්මවා ගනිමින් සහ එම පළාත් ආශ්‍රිතව කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කරමින් මැතිවරණය සඳහා මුලපිරීම වඩාත් සුදුසු බවට ද අදාළ පාර්ශ්ව රජයට වැඩිදුරටත් යෝජනා කර තිබේ.

මේ වන විට දිවයිනේ සමස්ත පළාත් සභා නවයේම නිල කාලය අවසන් වී වසර හයකට අධික කාලයක් ගතව ඇති අතර, එම සියලු පළාත් සභා දැනට පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka