gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බිරිදක් විදියට ඇයට මහින්ද රාජපක්ෂ මහතාට රැකවරණය දෙන්න අවශ්‍යයි,ඒ නිසා හැකි ඉක්මණින් ඒම ඇගේ බලාපොරොත්තුවයි – මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කියයි

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගතව සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හැකි ඉක්මනින්ම මෙරටට නැවත පැමිණීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වයෝවෘද්ධ මට්ටමක ඉන්නෙ. බිරිඳක් විදියට ඇයට, මහින්ද රාජපක්ෂ මහතාට රැකවරණය සැලසීමට අවශ්‍යයි. ඒක නිසා හැකි ඉක්මනින් ඒම තමයි ඇයගේ බලාපොරොත්තුව,” යැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

“මේ රට බේරාගත්ත නායකයාගේ අවසාන කාලයේදී, වයස අවුරුදු 80ත් දැන් පැනලා ගිහින් තියෙන්නෙ… එවැනි තත්ත්වයකදී එතුමාගේ බිරිඳ ළඟ ඉන්න ඕන මොහොතක් මේක,” යැයි ද ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් “සිරිලිය සවිය” ගිණුමට රුපියල් කෝටියක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරමින් සිටින අතරතුර, ඇය රටින් පිටවීම විමර්ශනවලින් ගැලවීමට ගත් උත්සාහයක් බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඇය සිංගප්පූරුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පමණක් බවත්, FCID හමුවේ පෙනී සිටීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ගමගේ මහතා තහවුරු කර සිටියේය.

ලබන සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට කැඳවීමක් ලැබී ඇති අතර, ඇය කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව යාමට පෙර අදාළ ලිඛිත නියෝගය FCID නිලධාරීන් විසින් ඇය වෙත භාරදී ඇති බව ද වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka