22 ට එරෙහි පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම මෙම පෙත්සම් විභාගය ඉදිරියට සිදු කරන බවත් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළා.
මෙම පෙත්සම් අද (01) විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රධාන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර, එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසින් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා තිබුණා.ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඉහත නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
-lankacnews
22 ට එරෙහි පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
2026-09-01T13:02:00+05:30
Gossip Lanka Hot News






