නවුෆර් මවුමලවිට වසර 16,900 නම් ගෝටාභයට 33,000යි..- සුදා
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවිට වසර 16,900ක සිරදඬුවමක් නියම වන්නේ නම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වසර 33,000ක දඬුවමක් හිමිවිය යුතු බව සමාජ ක්‍රියාකාරික සුදත්ත තිලකසිරි මහතා පවසයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිය යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව මෙහිදී සිහිපත් කළ ඒ මහතා, වත්මන් නඩු තීන්දුව මඟින් සිරදඬුවම් නියම වූ 15 දෙනාට එම දඬුවම් හිමිව ඇත්තේ ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනාවට පමණක් බව පෙන්වා දුන්නේය.
එබැවින් මෙම නඩු තීන්දුවෙන් පාස්කු ප්‍රහාරයේ කතාව අවසන් නොවන බවත්, ප්‍රහාරය මෙහෙයවූ, සැලසුම් කළ සහ ඊට අදාළ කුමන්ත්‍රණය පිටුපස සිටි සැබෑ මහ මොළකරුවන් ඇතුළු කුමන්ත්‍රණකාරීන්ගේ නාමලේඛනය තවමත් ඉදිරියට පැමිණීමට නියමිතව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
-lankacnews
නවුෆර් මවුමලවිට වසර 16,900 නම් ගෝටාභයට 33,000යි..- සුදා
2026-09-23T22:53:00+05:30
Gossip Lanka Hot News






