gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

21 වසරකට පසු ශ්‍රී ලංකාවට ලෝක කුසලානය අහිමි වෙයි - ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ කුණුහරුප සහ කල්ලිවාදය ගැන නෙට්බෝල් ලේකම්ගෙන් හෙළිදරව්වක්! (VIDEO)

ජාතික නෙට්බෝල් කණ්ඩායමේ පැවති අභ්‍යන්තර කල්ලිවාදය, විනය විරෝධී ක්‍රියා සහ අසාධාරණ තේරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට වසර 21කට පසුව නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ ලේකම් සහ හිටපු ජාතික නායිකා දමයන්ති ජයතිලක වසයි.

ආසියානු නෙට්බෝල් තරගාවලිය අතරතුරදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් විසින් කණිෂ්ඨ ක්‍රීඩිකාවන්ට කුණුහරුපයෙන් බැනවදිමින් දැඩි මානසික පීඩනයකට ලක්කර ඇති බව ඇය ජනමාධ්‍ය හමුවේ අනාවරණය කළාය.

ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් තරගාවලියේ නිල අවසාන උත්සවයේදී පවා අශෝභන ලෙස හැසිරෙනු තමා පෞද්ගලිකවම දුටු බවත්, ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවත් ලේකම්වරිය සඳහන් කළාය.

එමෙන්ම, කණ්ඩායමේ පුහුණුකාරිනියද ක්‍රීඩිකාවන් තේරීමේ අදියරේ සිටම මෙම බෙදීම් ඇති කිරීමට කටයුතු කර ඇති බවට ඇය චෝදනා කළාය.

තරගාවලිය ආරම්භ වීමටත් පෙර දක්ෂ කණිෂ්ඨ ක්‍රීඩිකාවන් තිදෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, පුහුණුකාරිනියගේ ක්‍රියාකලාපය නිසා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ක්‍රීඩිකාවන් අතර දැඩි මතභේද හටගත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

චීනයේ ෂැංහායි නුවර පැවැති ආසියානු නෙට්බෝල් තරගාවලිය නිමාකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අතර, නෙට්බෝල් සම්මේලනයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ක්‍රීඩිකාවන්ගේ මාපියන් පිරිසක් ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka