gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති ඝාතන කතාවට පොහොට්ටු ලේකම් සාගර අද CCIBයට කැඳවයි

“මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටිකෑම නිසා මහපාරේ මියගිය 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවට” කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අද (10) දින කැඳවා ඇති බව ‘දිනමිණ’ වාර්තා කරයි.

නාරා­හේ­න්පිට පිහිටි මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය හමුවේ උදෑ­සන 10.30ට පැමි­ණෙන ලෙස සාගර කාරි­ය­ව­සම්ට දැනුම්දී ඇතැයි එහි උසස් නිල­ධා­රි­යෙක් පවසා ඇත.

මෙම ප්‍රකා­ශය මඟින් පොලි­ස්ප­ති­ව­ර­යාට තර්ජ­න­යක් එල්ල වී ඇති බව සඳ­හන් කර­මින් ඒ ගැන විම­ර්ශ­න­යක් පව­ත්වන බව මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට පසු­ගිය 06 වැනිදා කරුණු වාර්තා කිරී­මට ද පිය­වර ගත්තේය.

එම ප්‍රකා­ශය වාර්තා කළ ජනමාධ්‍ය නාළි­කා­ව­ලට එම ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් සංස්ක­ර­ණය නොකළ දර්ශන ලබා දෙන ලෙස නියෝ­ග­යක් නිකුත් කරන ලෙස එහිදී මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි අතර, ඊට අධි­ක­ර­ණ­යෙන් අව­සර ලැබිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka