අනුර කුමාර මම බස්සනවා 1% නෙවෙයි එකෙක්වත් නැති වෙන්න කියපු නිශ්ශංක සේනාධිපති ජනපතිගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි!
මැතිවරණ සමයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රසිද්ධියේ දැවැන්ත වාග් ප්‍රහාර එල්ල කරමින් දැඩි ආන්දෝලනයක් ඇති කළ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ විකාශය වූ සිරස TV 'Auto Vision' වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා.
පසුගිය මැතිවරණ සමයේදී අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරමින්, "මතක තියාගන්න අනුර කුමාර... මම බස්සනවා 1% නෙවෙයි පාර්ලිමේන්තුවේ එකෙක්වත් නැති වෙන්න!" යනුවෙන් නිශ්ශංක සේනාධිපති මහතා සිදුකළ ප්‍රකාශය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හා දේශපාලන කරළිය තුළ දැඩි කතාබහට ලක්වූවකි.
Auto Vision වැඩසටහනේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රටේ නායකයෙකුට නොකිය යුතු නුසුදුසු ප්‍රකාශයක් තමන්ගේ මුවින් පිටවූ බව තමන්ට පසුව අවබෝධ වූ බවයි.
තම පියාගෙන් ලැබුණු සාරධර්ම සහ හික්මීම අනුව, එම අගෞරවනීය ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් තමන් කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
අනුර කුමාර මම බස්සනවා 1% නෙවෙයි එකෙක්වත් නැති වෙන්න කියපු නිශ්ශංක සේනාධිපති ජනපතිගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි!
2026-08-28T11:59:00+05:30
Gossip Lanka Hot News






