පාස්කු මහනඩුවේ සාක්ෂි විභාගය වසර 5කට පසු අවසන්! තීන්දුව ළඟදීම එනවා!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය වසර 5කට ආසන්න කාලයක් තුළ දින 245ක් පුරා පැවැත්වීමෙන් පසු අවසන් වී ඇති අතර, නඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල හමුවේ විභාග වන මෙම නඩුව, අලුත්කඩේ පැරණි මහේස්ත්‍රාත් උසාවි සංකීර්ණයේ ස්ථාපිත කළ නව ගොඩනැඟිල්ලට ගෙන යාමෙන් පසු දිනපතා (රාත්‍රී 10.00 පමණ වන තෙක් සහ අධිකරණ වාර නිවාඩු කාලය තුළද) ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යනු ලැබීය.
පැමිණිල්ලේ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන්ගේ ස්වේච්ඡා පාපොච්චාරණ කිහිපයක් සනාථ වී ඇති අතර, සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයෙකු රාජ්‍ය සාක්ෂිකරුවෙකු වෙමින් කරුණු රැසක් අනාවරණය කළේය. ඉදිරියේදී විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම සහ දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
පාස්කු මහනඩුවේ සාක්ෂි විභාගය වසර 5කට පසු අවසන්! තීන්දුව ළඟදීම එනවා!
2026-08-12T07:29:00+05:30
Gossip Lanka Hot News





