gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගන්නා බව දක්වමින් නාමල් රාජපක්ෂට වට්ස්ඇප් පණිවිඩයක්... නාමල් රනිල් හමුවවේ... සැප්තැම්බර් වන තුරු හිරේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට වට්ස්ඇප් මගින් ඔහුව අත්අඩංගුවට ගන්නා බව සඳහන් පණිවිඩ ලැබී තිබෙනවා.

ලංකාදීප වාර්තා කර ඇත්තේ සැප්තැම්බර් වනතුරු හිරේ දාන බව එම පණිවිඩවලින් දැක්වෙන බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබුණා.

ඒ,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුෂ පැල්පිට මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යයෙදී .

මෙය ඉකුත්දා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. මෙම මංගල උත්සවයේ දෙපාර්ශ්වයේ සාක්ෂියට අත්සන් කළේ නාමල් රාජපක්ෂ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසිනි.

උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු දේශපාලකයෝ ගණනාවක්ද පැමිණ සිටියහ.

රනිල් එනු දුටු නාමල් ඉදිරියට පැමිණ සර්, භූතාන සංචාරය කොහොම ද?’’ යැයි ඉංග්‍රීසි බසින් විමසීය.

‘‘ගොඩක් හොඳයි, භූතානය කියන්නේ වේගයෙන් දියුණු වෙන රටක්’’ යැයි කියූ රනිල්, නාමල් තමා ළඟින් වාඩිකරවාගෙන භූතානය ගැන කෙටි විස්තරයක් කළේය. වැඩි වේලාවක් නොගොස් සංවාදය දේශපාලන පැත්තට ගමන් කළේය.

මම දකිනවා නාමල් සෑහෙන්න ගමින් ගමට යනවා කියලා’’ යි රනිල් කී විට, ඔව් සර්, කොහොමත් අපේ බිම් මට්ටම ශක්තිමත් කරගන්න ඕනෑ. දිස්ත්‍රික්ක බොහොමයක සංවිධාන වැඩ මේ වන විටත් අවසන්’’ යනුවෙන් නාමල් පිළිතුරු දුන්නා.

‘‘නගරවලට හිර වෙන්නේ නැතුව ගමට යන එක තමයි හොඳ. ගමට ගිහිල්ලා වැඩ කටයුතු ආරම්භ කරන්න’’ රනිල් උපදෙස් දුන්නේය.

මේ අතර නාමල් තමන්ගේ වට්ස්ඇප් පණිවිඩ පරික්ෂා කර බලා රනිල්ට යමක් පෙන්වීය. මේ මොකක්ද ඔයාව අත්අඩංගුවට ගන්නවා කියලානේ මේකේ තියෙන්නේ’’ රනිල් කීවේය.

‘‘ඔව් සර්... ඔහොම පණිවිඩ සීයක් විතර ආවා. මාව අත්අඩංගුවට අරන් සැප්තැම්බර් වෙනකම් හිරේ දානවා කියලයි මේකේ තියෙන්නේ’’ නාමල් කීවේය.

එතැනට පැමිණි හිටපු ජනපති මහින්ද පැවසුවේ, අපි ඉතින් ඔයිට වැඩිය දේවල්වලට මුහුණදීලා තියෙනවනෙ’’ කියාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka