gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සුගීෂ්වර බණ්ඩාරගේ,පක්ෂයේ අනුශාසක විහාරාධිපති, පන්සල් ඉඩමට හොර ඹප්පුවක් හදා මාට්ටු!

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගේ ,පක්ෂයේ අනුශාසක, සුනේත‍්‍රාදේවී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරන පූජ්‍ය වැල්ලම්පිටියේ සුමන හිමියන්, පන්සලට අයත් ඉඩමකට කූට ලේඛන සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
උන්වහන්සේ බොරලැස්ගමුව නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.

සුනේත‍්‍රාදේවී පිරිවෙනට හෙවත් රජමහා විහාරයට අයත් පර්චස් 8.3 ක ඉඩම් කොටසක් හේවාගමගේ දොන් මර්වින් ඉන්ද්‍රජිත් නැමැති පුද්ගලයා වෙත රුපියල් ලක්ෂ 75 ක මුදලකට විකුණා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම හොර ඔප්පුව සකස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරීන් වන නීතිඥවරියක වන කුමාරි ගීතිකා ජයසේකර සහ නොතාරිස්වරයෙකු වන නදීල් දුලන්ත මලල්ගොඩ සහාය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඉඩම මිලදී ගත් මර්වින් ඉන්ද්‍රජිත් නැමැත්තා එය ලියාපදිංචි කිරීම සඳහා දෙල්කඳ පිහිටි ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ නිලධාරීන් විසින් පරීක්ෂා කර ලියාපදිංචිය ප‍්‍රතික්ෂේප කර ඇත. ඊට හේතුවී ඇත්තේ මෙම ඉඩම ‍විහාර හා දේවාලගම් පනත යටතේ පාලනය වන පන්සලට අයත් ඉඩමක් වීමයි.

ඒ වන විටත් අදාළ ඉඩම පැවරුම් බදු ලෙස රුපියල් ලක්ෂ 2 කට ආසන්න මුදලක් සහ ආදායම් බදු ලෙස රුපියල් 99,000 ක මුදලක් බම්බලපිටිය ප‍්‍රදේශයේ බැංකුවක් හරහා ගෙවා තිබූ බව පැවසේ. ඉඩම ලියාපදිංචි කිරීමට නොහැකි වීම නිසා අගතියට පත් පුද්ගලයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද ප‍්‍රශ්න කිරීම් හමුවේ වැල්ලම්පිටියේ සුමන හිමියන් විසින් මෙම ඉඩම පන්සලට අයත් බවත් නීතිඥවරියකගේ සහ නොතාරිස්වරයෙකුගේ සහාය ඇතිව ප‍්‍රකාශිත ඔප්පුවක් ඇතුළු කූට ලේඛන සකස් කර අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 75 ක මුදලක් ලබාගත් බවත් පිළිගෙන ඇත. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. අධිකරණය හමුවේ තමන් කළ වරද පිළිගත් සුමන හිමියන් මිලදී ගත් පුද්ගලයාට අදාළ රුපියල් ලක්ෂ 75 ක මුදල නැවත ලබාදීමට පොරොන්දු වී තිබේ. එම පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ නිදහස් කිරීමට නියෝග කර ඇත.

මීට පෙර නගර සභාවේ බුදු පිළිමයක් ඉවත් කිරීමට එරෙහිව හඬ නඟමින් සමාජය තුළ ආගමික හැඟීම් අවුලූ‍වාලීමට කටයුතු කළ ප‍්‍රමුඛ පුද්ගලයෙකුම මෙලෙස පන්සල් ඉඩම් හොරට විකිණීමේ ජාවාරමකට හසුවීම ගැන සැලකීමේදී මෙවැනි ක‍්‍රියාවල නිරත වන පුද්ගලයන්ගෙන් ජනතාව ඉතා පරිස්සම් විය යුතු බව කිව යුතුය. මෙම කූට ලේඛන සකස් කිරීමේ සිද්ධියේදී වඩාත්ම අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ ඊට සහාය දුන් නීතිඥවරුන් සහ නොතාරිස්වරුන් පිළිබඳවයි. කූට ලේඛන හෙවත් හොර ඔප්පු සකස් කිරීමට දරුණු ලෙස සම්බන්ධ වූ මෙම නීතිඥවරුන් දෙදෙනාට එරෙහිව මේ වන තෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව මෙහිදී වාර්ථා වේ. සාමාන්‍යයෙන් මෙවැනි බරපතල වරදකදී අදාළ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනය කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ නීතිඥ බලපත‍්‍රය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු වුවද එවැනි පියවරක් ගත් බවට මෙතෙක් වාර්තා වී නොමැත.

මෙම සිද්ධියේදී වැල්ලම්පිටියේ සුමන හිමි කූට ලේඛන සකස් කිරීමේ වරද පිළිගෙන ලබාගත් මුදල් නැවත භාර දීමට පොරොන්දු වීම මත ඇප ලබාගෙන නිදහස් වීමට හැකි වී තිබේ. නමුත් බලය හෝ ධනය නොමැති සාමාන්‍ය අහිංසක පුරවැසියෙකු මෙවැනි වරදකට පැටලූ‍ණහොත් අධිකරණයෙන් මෙවැනි සහනයක් නොලැබෙන අතර බලය සහ ධනය හමුවේ නීතිය ක‍්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් දක්නට ලැබෙන බවද මෙහිදි කිව යුතුය. මෙවැනි වගකිවයුතු තනතුරු දරන පුද්ගලයන් මෙවැනි නීති විරෝධී ක‍්‍රියාවල නිරත වීම අනාගතයට ඉතා අඳුරු සහගත පූර්වාදර්ශයක් සපයන බැවින් සෑම පුරවැසියෙකුම තමන්ගේ පෞද්ගලික ඉඩකඩම් සහ දේපළවල ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව සඳහන් කල යුතුය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka