gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවෙන් මුල් වරට විදෙස් විපතකදී ඩොලර් මිලියනයක පරිත්‍යාගය නේපාලයට!

දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මුදල් ලබා දෙන අතර, ඊට අමතරව විපතට පත් වූවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායමක් යැවීමටත් ආහාර අවශ්‍යතා වෙනුවෙන් සහල් තොග ලබා දීමටත් පියවර ගෙන ඇත.

විදෙස් රටක විපතකදී මේ ආකාරයේ මුදලක් ශ්‍රී ලංකාව ප්‍රදානය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගතවන මෙම අවස්ථාව ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් වෙමින් පැවතීම පිළිබඳ පූර්ව ලක්ෂණ පහළ කරන බවට විශ්ලේෂකයින් පෙන්වා දෙන අතරම සමාජ මාධ්‍ය තුළ මේ ගැන විවිධ විවේචන පැනනැගෙමින් පවතී.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, නේපාලයේ ක්‍රියාත්මක හදිසි ගලවා ගැනීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවයි. මාස 10කට පෙර මුහුණ දුන් මාරාන්තික සුළි කුණාටුවෙන් පසු තවමත් නැවත ගොඩනැඟෙමින් පවතින ජාතියක් ලෙස, නේපාලයේ සිදු වූ විනාශකාරී ජීවිත හානි පිළිබඳව දැඩි ලෙස කනගාටු වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාලය වෙත හෘදයාංගම ශෝකය පළ කර තිබේ.

මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද නේපාල විදේශ අමාත්‍ය ෂිසර් ඛනාල් මහතා සමඟ දුරකථනයෙන් සංවාදයක යෙදෙමින් ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය පළ කර ඇත. දෙරට අතර පවතින සමීප සහ දීර්ඝකාලීන මිත්‍රත්වය අවධාරණය කරමින් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, නේපාලයේ සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියටත් දායක විය හැකි ආකාර පිළිබඳව නේපාල රජය සමඟ සමීපව කටයුතු කරන බවයි.

අනෙක් අතට, නේපාලය සහ ටිබෙට් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල පවතින මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය සහාය දැක්වීමටත් විදේශ කටයුතු අමාත්‍යාංශය හදිසි පියවර ගෙන තිබේ. එම ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ යම් තොරතුරක් ලබා ගැනීමට හෝ සහාය ලබා ගැනීමට අවශ්‍ය නම්, මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා 070 7887778, 0112 473899 යන දුරකථන අංක හෝ publicity@mfa.gov.lk විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ කරගත හැක. දැනට ලැබෙන ඇමතුම් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින් වේගවත් සන්නිවේදනයක් සඳහා හැකි තරම් WhatsApp (070 7887778) මාර්ගයෙන් තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka