gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කංජිපානි ළඟටම දැල එළයි – හොඳම ගෝලයා සයිමා ඇතුළු පාතාලයෝ 3 ක් අද දිවයිනට රැගෙන එයි

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව මලයාසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයා වන රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවන් තිදෙනා අද (10 වැනිදා) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

විශේෂ ආරක්‍ෂාවක් යටතේ රැගෙන එන මෙම අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායම කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරමග නතර කර මෙරටට පැමිණිය ද මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය මෙම අපරාධකරු කොටුකර ගැනීම සඳහා අඛණ්ඩව විමර්ශන කරන බව එරටින් ලැබෙන ආරංචිමාර්ග පැවසීය.

පාතාල නායක කංජිපානි ඉම්රාන් මේ වන විට මලයාසියාවෙන් පළා යෑමට නොහැකි වන ආකාරයට කොටු කර ගෙන සිටින අතර කොයි මොහොතක හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මලයාසියාවේදී අත්අඩංගුවට පත් වූ රත්මලානේ සයිමා කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇත.

සුපිරි ධනවතෙකු බව කියන රත්මලානේ සයිමාට තායිලන්තයේ පස් මහල් සුපිරි හෝටලයක් ඇතුළු තවත් ව්‍යාපාර රැසක් ද ඇති බව අනාවරණය වී තිබේ.

මේ සියලු වත්කම් ‘සයිමා’ විසින් මිලදී ගෙන ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජලාය මෙහෙයවීම හරහා බව ද හෙළිදරව් වී ඇත.

‘සයිමා’ අත්අඩංගුවට පත්වීම කංජිපානි ඉම්රාන්ට එල්ල වූ මරු පහරක් බව ද මේ වන විට මලයාසියාවේ ඔහුගේ ක්‍රියාකාරකම් බිංදුවට වැටී ඇති බව ද වාර්තා වෙයි.

මලයාසියාවේ සැඟවී සිටින කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල සහ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නීතිඥ වසන්ත පිටියකුඹුර යන මහත්වරුන් එරටට ගොස් තිබුණේ මීට සති කීපයකට උඩදීය.

මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගත් සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කීපයක් ක්‍රියාත්මක කළේය.

කංජිපානි අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සමීපතම ගෝලයා වූ රත්මලානේ සයිමා කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීහු සමත්වූහ.

‘සයිමා’ කොටු වූ පුවත සැලවීමත් සමගම කංජිපානි ඉම්රාන් සැඟවී සිටි ස්ථාන මාරු කර වෙනත් ස්ථානයකට මාරු වී රහසිගතව සිට ඇත.

සති කීපයක් තිස්සේ මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක කළ ද කංජිපානි ඉම්රාන් කොටු කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වූයේ නැත. එහෙත් කංජිපානි ඉම්රාන් මලයාසියාවෙන් පලා යෑම වැළැක්වීම සඳහා එරට සියලු ගුවන්තොටුපළවල්, වරායවල් මුහුදු මාර්ග සහ රටින් පිටවීමේ දොරටු සියල්ල අවහිර කිරීමට එරට පොලිසිය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා පාතාලයේ අංක එකේ අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ද ප්‍රධානියකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද පූර්ණ සහාය ලැබී තිබිණි.

ඇමැති ආනන්ද විජේපාල පොලිස් අමාත්‍යාංශය භාර ලේකම් රවී සෙනවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ ඉතාම රහසිගත ආකාරයටය.

හේමන්ත රන්දුණු
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka