gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝකයේ ඉස්කෝලවල උගන්වන්න ඕන රාජපක්ෂ පරම්පරාව ගැන. කවදාවත්ම තමන්ගේ පවුල මේ තත්වයට පත්කර ගන්න එපා පුතේ කියලා – මන්ත්‍රී නජිත් ඉන්දික

නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත පවුලේ සාමාජිකයින් රැසකටම විවිධ චෝදනා සහ නඩු පවතින බව පෙන්වා දෙමින්, එම පවුලේ හැසිරීම් රටාව පිළිබඳව ලෝකයේ පාසල්වල පවා අධ්‍යයනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කළේ, “දැන් නාමල් රාජපක්ෂ ගත්තොත්, එයාට නඩු, තාත්තාට නඩු, අම්මට නඩු, ලොකු මල්ලියට නඩු, පොඩි මල්ලියට නඩු, ලොකු තාත්තාට නඩු, ලොකු තාත්තාගේ ලොකු පුතාට නඩු, ලොකු තාත්තාගේ පොඩි පුතාට නඩු, බාප්පට නඩු, මාමා කෙනෙකුටත් නඩු.. මම හිතන්නේ මුළු පරම්පරාවටම නඩු” යනුවෙනි.

එසේම, “කවදාවත් මේ තත්ත්වයට වැටෙන්න එපා පුතේ” කියා ලෝකයේ පාසල්වල මෙම පවුල පිළිබඳව උගන්විය යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka