gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කතා විතරයි... අන්තිමේ තිබුන දෙයත් නැතිවෙලා - අගමැතිනිගේ මූණටම වන්නිලැත්තෝ කියයි

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන් පාර්ලිමේන්තුවට ගොස් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී ආදිවාසීන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති.

අගමැතිනි හරිනි අමරසූරියගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආදිවාසි දින සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ, ආදිවාසි පනතට අදාළ ගැසට් නිවේදනය සකස් කර අවසන් බවට තොරතුරු ලැබුණද එය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

විවිධ පොරොන්දු සහ ගිවිසුම් අත්සන් කළද, අවසානයේදී තමන් සතුව තිබූ අයිතිවාසිකම් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

"අපි අගමැතිනිය හමුවෙලා මේ ගැන කතා කළා. ගැසට් එකත් ලෑස්තියි කිව්වා. නමුත් අන්තිමේදී බැලුවම තිබුණ දේත් නැතිවෙලා" යැයි වන්නිල ඇත්තෝ සිය අප්‍රසාදය පළ කළහ.

ආදිවාසීන්ගේ උරුමයන් සහ පරම්පරාගත ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සංස්කෘතික සහ පරිසර අමාත්‍යවරුන් මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවත්, ඔවුන් වෙනුවට දෙපාර්තමේන්තුවල පහළම මට්ටමේ නිලධාරීන් පමණක් යොමු කිරීම පිළිබඳව තමන් කණගාටු වන බවත් ඔහු පැවසීය.

තීරණ ගැනීමේ බලයක් නොමැති නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් ආදිවාසි ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව ද ඌරුවරිගේ වන්නිල ඇත්තෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka