gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පරිවර්තන කමිටුවත් අනිල් මොහාන්ගේ සාක්කුවේද?

පරිවර්තන කමිටුවක් ක්‍රිකට් වෙනුවෙන් පත් කරන ලද්දේ ක්‍රීඩා ඇමතිවරයාට අවශ්‍ය නිසා නොව කෙළින්ම ජනාධිපතිවරයා ඒ සඳහා මැදිහත් වීම නිසා බව ප්‍රසිද්ධ රහසක්. එසේ නොමැති නම් පරිවර්තන කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැනි අයකු කිසිවිටෙක පත් නොවන බව කිව යුතුයි.

එහෙත් ජනාධිපතිවරයා විසින් බලාපොරොත්තු වූ සැබෑ පරිවර්තනයක් මෙතෙක් ඉටු කරන්නට ඉරාන් වික්‍රමරත්න හා ඔහුගේ කමිටුව මෙතෙක් සමත්ව නැති බව සැබෑ ක්‍රිකට් ප්‍රේමීන්ගේ මතය වී තිබෙනවා.

මෙය මැනවින් ඔප්පු වන්නේ අනිල් මොහාන්ගේ ලංකා ප්‍රිමියර් ලීගය තුළ ඉරාන් ප්‍රමුඛ පරිවර්තන කමිටුවත් ක්‍රීඩා ඇමතිවරයාත් කටයුතු කළ ආකාරය නිසයි.

මෙම ලීගය ලංකාවේ ප්‍රසිද්ධ වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීගය ලෙස නොව ලංකා බෙටින්ග් ලීගය ලෙසයි.

සෑම තරගාවලියකදීම පාහේ කණ්ඩායම් හිමිකරුවකු තරග පාවා දීමේ සිද්ධියකට හසුවන ලෝකයේ එකම ප්‍රිමියර් ලීගය වන මෙහි අනිල් මොහාන් හා ක්‍රිකට් ආයතනය අතර වන මුදල් ගනුදෙනුව අනිවාර්යයෙන් විගණනයට භාජනය විය යුත්තක්.

පරිවර්තන කමිටුව විසින් කළ යුතුව තිබුණේ අනිල් මොහාන්ගේ ගනුදෙනු ගැන සොයා බැලීමට වහා වෝහාරික විගණනයක් පැවැත්වීම වුවත් ඉරාන්ලා කළේ ෂම්මිලාටත් එහා ගොස් මෙම ලීගයේදී අනිල් මොහාන්ගේ කරේ අත දමා ගැනීමයි.

අවසන් තරගයේ හැර අනික් තරග සියල්ල පැවැත්වුණේ හිස් ප්‍රේක්ෂකාගාර වල වන අතර සුපිරි විදෙස් ක්‍රීඩකයන් නොමැති කමින් කිසිම තරගකාරී හෝ උසස් බවක් නොවූ මෙම තරගාවලියේ සමාරම්භක හා අවසන් කිරීමේ අවස්ථාවලට ඉරාන් හා සිදත් සහභාගි වුණේ අනිල් මොහාන්ගේ ගජ මිතුරන් ලෙසයි.

අවසන් තරගයේ ප්‍රේක්ෂකාගාර වල වැඩි හරියක් සිටියේ නොමිලේ බෙදා දුන් ටිකට් වලින් පැමිණි අයයි.

ෂම්මිලා විසින් පත් කරන ලද තරගාවලි අධ්‍යක්ෂ වරයා වූ සමන්ත දොඩන්වෙලගේ පත්වීම ඉරාන්ලාද අනුමත කිරීම පිටුපස ඇත්තේද වෙනත් කතන්දරයක් බව කියවෙනවා.

ඒ සමන්ත දොඩන්වෙල පාලනය කරන්නේ ඉරාන්ගේ තේ සමාගමක් බවට ඇති පුවතයි.

මේ අතර ක්‍රීඩා ඇමතිවරයාද මේ ලීගය ගැන ප්‍රකාශයක් කරමින් කීවේ ක්‍රිකට් යනු බැටින්ග් ක්‍රීඩාවක් බවයි.

ඔහුගේ මේ කතාව කට බොරු කීවාට දිව බොරු කියන්නේ නොමැති බවට උදාහරණයක් වන්නේ මෙම ලීගයේ අනුග්‍රාහකයන්ගෙන් 80% ක්ම බෙටින්ග් හෙවත් බැටින්ග් කාරයන් වීම නිසයි.

මෙම බෙටින්ග් සමාගම් සියල්ල පෙනී සිටින්නේ බෙට් යනුවෙන් නොව බැට් යනුවෙන් බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.

කෙසේ වෙතත් මෙහි අනුග්‍රාහක බෙටින්ග් සමාගම් සියල්ලම පාහේ රජය විසින් නොබෝදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයෙන් ලංකාව තුළ තහනම් කිරීම තුළ අප මෙතෙක් හෙළිදරව් කළ බොහෝ දේ සනාථ වෙනවා. මෙවර තරගාවලිය අවසානයේ හෝ මෙහි හරි විගණනයක් නොකරන්නේ නම් කිව යුත්තේ පරිවර්තන කමිටුවත් යන්නේ ෂම්ම්ලාගේ අඩි පාරේම බවයි.

උපුටාගැනීම - lankasportsnews.com
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka