බැසිල් ලංකාවට ගෙන්වා ගන්න ඇමරිකා අධිකරණයේ සහාය ගන්න රජය තීරණය කරයි
මාතර අධිකරණයේ නඩුවට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීමට ඇමරිකාවේ අධිකරණයේ සහාය පතන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය.
මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇමරිකා අධිකරණයේ සහාය පතන බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවකු වේ නම් කවර රටක වුවද එහි පුරවැසියකු මෙරටට ගෙන්වා ගැනීමට එරට අධිකරණයේ සහය ලබාගත යුතුව ඇතැයි ඇමැතිවරයා පැවසීය.
මේ පුවත තව අයට බලන්න
බැසිල් ලංකාවට ගෙන්වා ගන්න ඇමරිකා අධිකරණයේ සහාය ගන්න රජය තීරණය කරයි
2026-08-06T07:12:00+05:30
Gossip Lanka Hot News





