gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරයි - දැන් ඔක්කොම ආයතන සහ Apps 26ක් තහනම්!

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව, TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලී ඇති බවත්, එය පවත්වාගෙන යමින් ප්‍රවර්ධනය කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ නිවේදනයක සඳහන් වන්නේ, ඔවුන් සිදුකළ විමර්ශනයේදී TM App යෙදවුම මෙලෙස තහනම් යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන බව අනාවරණය වූ බවයි.

ඒ අනුව, බැංකු පනත යටතේ තහනම් කරන ලද ආයතන සහ යෙදවුම් ලැයිස්තුවට මෙම TM App යෙදවුම ද අලුතින් ඇතුළත් කර තිබේ.

මෙලෙස යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට මේ වන විට ආයතන සහ යෙදවුම් 26 ක් ඇතුළත් වේ.

Qnet/Questnet, MTFE, OnmaxDT, Fruugo Oline, Beecoin App, Windex Trading, Smart Win Entrepreneur, Infinity Rover (Pvt) Ltd සහ TM App ඒ අතර වේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් සහ අවධානයෙන් සිටින ලෙස අවධාරණය කරමින් මෙම නිවේදනය මහ බැංකුවේ මුල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka