gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රී බීමතින් නිවසකට පැන මරණ තර්ජන කරලා... අත්අඩංගුවට!

යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික රජයේ නිලධාරියෙකුගේ නිවසට බීමත්ව අනවසරයෙන් ඇතුළු වී, එහි දේපළවලට හානි කර මරණ තර්ජනය කළ බව කියන ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් නෙල්ලිඅඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ගනේෂරූපන් නමැති මන්ත්‍රීවරයා සහ ඔහුගේ මිතුරන් පිරිසකි.

මධ්‍යම රාත්‍රියේ මොවුන් බීමත්ව නෙල්ලිඅඩි නගරයේ පිහිටි අදාළ නිවසට කඩා වැදී ඇති බව වාර්තා වේ.

සැකකරුවන් විසින් නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියට (CCTV) හානි කර ඇති අතර, නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි පිරිසට මරණ තර්ජනය කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නෙල්ලිඅඩි පොලිසිය, අදාළ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka