gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලේසියෙන් අතපිහිදාගන්න බෑ - පාස්කු ප්‍රහාරයේ රහස් එළියට දමමින් දිලීප පීරිස්ගෙන් සැර ප්‍රකාශයක්!

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සිහිපත් කරමින්, වැදගත් නිල ලේඛන සඳහා “අවශ්‍ය කටයුතු සඳහා” (FNA – For Necessary Action) යන සටහන පමණක් යොදා පහළ නිලධාරීන්ට යොමුකිරීමේ පැරණි සංස්කෘතිය වහාම නතර කළ යුතු බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පවසා තිබේ.

උසස් නිලධාරීන් තමන් වෙත ලැබෙන සංවේදී හා තීරණාත්මක තොරතුරු සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු නොකර, ඒවා හුදෙක් පහළ නිලධාරීන්ට යොමුකිරීමට පමණක් සීමා නොවී සෘජුවම ක්‍රියාත්මක විය යුතු බව ඔහු අවධාරණය කර ඇත.

2019 පාස්කු ප්‍රහාරයට පෙර එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් 2019 අප්‍රේල් 09 වන දින ලබා දුන් අතිශය වැදගත් බුද්ධි තොරතුර, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් VIP අංශය ඇතුළු අංශ හතරකට යොමුකර තිබූ ආකාරය දිලීප පීරිස් මෙහිදී පෙන්වා දුන්නේය.

එම අතිශය බරපතල ආරක්ෂක තර්ජනය පිළිබඳ බුද්ධි තොරතුර හුදෙක් “FNA” යන සටහන පමණක් යොදා පහළට යොමු කිරීම ප්‍රමාණවත්දැයි ප්‍රශ්න කළ ඔහු, මෙවැනි ප්‍රවේශයක් අනුගමනය කිරීම පිළිබඳව සිය කනගාටුව පළ කළේය.

එමෙන්ම, පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා 855 ක් ගොනු කළ ආකාරය ද ඔහු නැවත මතක් කර දුන්නේය.

මෙම අතීත අත්දැකීම් දෙස බලන විට, යම් නිලධාරියෙකුට වගකීමක් ඇති විට හුදෙක් “FNA” ලෙස සටහන් තබා ලිපි ලේඛන මාරු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව මනාව පැහැදිලි වන බව දිලීප පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka