ශිෂ්ඨ රටවල විනිසුරුවන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්න කෝදාගොඩගෙන් විශේෂ ප‍්‍රකාශයක්... (Video)
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
විනිසුරුවරයා සහ විමර්ශන නිලධාරියා අතර පවතින වෙනස පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.
අපරාධයක් සිදු වූයේ කෙසේද සහ එය කළේ කවුද යන්න විමර්ශනය කර සත්‍යය සොයා ගැනීම විමර්ශන නිලධාරියාගේ වගකීම වුවද, විනිසුරුවරයාගේ කාර්යය වන්නේ දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි පදනම් කරගෙන නීතිමය යාන්ත්‍රණයක් තුළ විනිශ්චයකට එළඹීම බව ඔහු පෙන්වා දුන්නේය.
විනිශ්චයන් වර්ග තුනක් පිළිබඳව ද විනිසුරුවරයා මෙහිදී අදහස් දැක්වීය. එනම් මහජන විනිශ්චය, අධිකරණ විනිශ්චය සහ ස්වභාවධර්මයේ විනිශ්චයයි.
ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන තොරතුරු මත පදනම්ව මහජනතාව යම් සිදුවීමක් පිළිබඳව නිගමනයකට එළඹෙන බවත්, අධිකරණයේදී සාක්ෂි මත ලබාදෙන තීන්දුව එම මහජන මතයට වඩා වෙනස් වූ විට විනිසුරුවන් විවේචනයට ලක්වන බවත් ඔහු සඳහන් කළේය.
ලෝකයේ ශිෂ්ට සම්පන්න සෑම රටකම විනිසුරුවරයාගේ කාර්යභාරය වන්නේ සාක්ෂි මත පදනම්ව නීතිමය විනිශ්චයකට එළඹීම මිස විමර්ශන නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම නොවන බව ද යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ශිෂ්ඨ රටවල විනිසුරුවන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්න කෝදාගොඩගෙන් විශේෂ ප‍්‍රකාශයක්... (Video)
2026-08-23T16:27:00+05:30
Gossip Lanka Hot News





