gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රීවීල් රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වයස අවුරුදු 40 කරනවා...

ත්‍රීවීල් රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාසල් අධ්‍යාපනය අවසන් කළ සැණින් තරුණයන් ත්‍රීවීල් රථ රැකියාව සඳහා යොමුවීම වැළැක්වීම මෙහි මූලික අරමුණ බවයි.

"පාසලෙන් අයින් වුණ ගමන් ත්‍රීවීල් එකක් අරන් පාරට එන්න බැහැ. ඒ නිසා අපි අධ්‍යාපනයේ වෙනසක් කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

තරුණ පරපුර වඩාත් ඵලදායී වෘත්තීන් සහ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව ඉදිරියේදී ත්‍රීවීල් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නව වයස් සීමාවන් හඳුන්වා දීමට නියමිතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka