gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහර බන්ධනාගාරයේ ගින්නක්.. රැදවියෙක් මරුට.. හතක් රෝහලේ... (Video)

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (01) පස්වරුවේ හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් අතරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම්කාරී වාතාවරණයත් සමඟ තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු කඩිනමින් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටි එක් රැඳවියෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම නොසන්සුන්තාවය අතරතුර බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් ද හටගෙන ඇත.

තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සහ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂක රාජකාරි සඳහා වහාම කැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මේ වන විටත් තුවාල ලැබූ තවත් රැඳවියන් සිව්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka