යට ඇදුමේ හිල් ඇමතිගේ දුව ඉගෙනීමට එංගලන්තයට.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. මාසික බෝඩිං ගාස්තු ලක්‍ෂ හතරහමාරයි..
අනුර කුමාර දිසානායක මහතා ගමන් කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලද කාපට් පාරේ බවත්, ඔහු ඉතා වේගයෙන් එම මාවතේ ඉදිරියට යන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
සේනාරත්න මහතා කියා සිටියේ, මාලිමාවේ විධායක සභික ලාල් විජේනායක මහතා පවා වර්තමාන ඇතැම් ක්‍රියාමාර්ගවලට විරුද්ධ බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් රොටි සහ ලුණු මිරිස් කා දේශපාලනය කළ බව පැවසුවද, අද වන විට ඔවුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම, තමන්ට යට ඇඳුමක් පවා මිලදී ගැනීමට වත්කමක් නොමැති බවත්, බැනියමේ හිල් තිබූ නිසා එය වැලේ වැනීමට පවා ලැජ්ජා වූ බවත් පැවසූ වර්තමාන ඇමතිවරැන්ගේ තත්ත්වය ඔහු ප්‍රශ්න කළේය.
එවැනි ඇමතිවරයෙකුගේ දියණියක් මේ වන විට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන බවත්, එහි සිව් වසරක සම්පූර්ණ ගාස්තු එකවර ගෙවා ඇති බවත් රාජිත සේනාරත්න මහතා අනාවරණය කළේය.
එමෙන්ම, ඇය පදිංචිව සිටින නිවසේ මාසික කුලිය පවුම් 1,000ක්, එනම් රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වන බවත් ඔහු පැවසීය.
මේ පිළිබඳව විමසූ විට, "මගේ සල්ලිවලින් මම දරුවාට උගන්වනවා, තමුසෙලාට තියෙන අමාරුව මොකක්ද?" යනුවෙන් ඔවුන් පිළිතුරු දෙන බවත්, අතීතයේ අන්ත අසරණව සිටි බව පැවසූ අයට මෙතරම් ධනයක් ලැබුණේ කෙසේද යන්න ගැටලුවක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
යට ඇදුමේ හිල් ඇමතිගේ දුව ඉගෙනීමට එංගලන්තයට.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. මාසික බෝඩිං ගාස්තු ලක්‍ෂ හතරහමාරයි..
2026-08-31T21:26:00+05:30
Gossip Lanka Hot News






